ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් නිවසක ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.