නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 621ක පමණ තොගයක් මීගමුව මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි එකක (621) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් යාත්‍රාවක් යොදවා මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ උර දහසයක් (16) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම උරතුල තිබී නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි එකක (621) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය රේගු නිවාරන කර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


