මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස අළෙවි කිරීමට උත්සහ කල ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් 04ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය මධ්‍යම බස් නැවතුම්පොල සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 05 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍අළෙවි කිරීම‍ට උත්සහ කල ඖෂධ පෙති අටසිය හැටක (860) තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

06 Jan 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 554ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් වෙන්නප්පුව ලුනුවිල මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙන්නප්පුව ලුනුවිල ප්‍රදේශය‍ට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් හතරක (554) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Jan 2026