නීති විරෝධි ලෙස අළෙවි කිරීමට උත්සහ කල ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් 04ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය මධ්‍යම බස් නැවතුම්පොල සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 05 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍අළෙවි කිරීම‍ට උත්සහ කල ඖෂධ පෙති අටසිය හැටක (860) තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයට ලද තොරතුරකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, යාපනය මධ්‍යම බස් නැවතුම්පොල සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනෙකු පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, අළෙවි කිරීම සඳහා සන්තකයේ තබා සිටි ඖෂධ පෙති අටසිය හැටක (860) තොගයක් සමඟ එම සැකකරුවන් සිව් දෙනා (04) සහ යතුරු පැදියක් (01) මෙලෙස නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 29 අතරේ පසුවන යාපනය ඔට්ටාමඩම්, සංකානි, නල්ලූර් සහ කොයියතෝඩිමම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකවන්, ඖෂධ පෙති තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.