නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 554ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් වෙන්නප්පුව ලුනුවිල මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙන්නප්පුව ලුනුවිල ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් හතරක (554) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් යාත්‍රාවක් යොදවා වෙන්නප්පුව ලුනුවිල ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම යාත්‍රාවෙහි උර දහ අටක (18) අසුරා, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් හතරක (554) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවන් දෙදෙනෙක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 19ක් සහ 29ක් වන කල්පිටිය ආනවාසල සහ ජනසවිපුර ප්‍රදේශයේ පදිංචිකරුන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




