මෙහෙයුම් පුවත්

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක්‌ උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 ජනවාරි මස 02 දින රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර්, කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Jan 2026