මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොල කිලෝග්‍රෑම් 224කට අධික තොගයක් මීගමුව කලපුවේදී දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 01 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොල කිලෝග්‍රෑම් දෙසීය විසිහතරකට (224) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Jan 2026
2025 වර්ෂයේ සිදුකල නාවික මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000 කට අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ සැකකරුවන් 376ක් නීතියේ රැහැනට
මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්ර කර ඇති අතර, ඒ යටතේ ගෙවීගිය 2025 වර්ෂයේදී නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75,000 කට අධික දළ විථි වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, හෂීස්, විදේශීය හා දේශීය කන්සා, මත්පෙති, විදේශීය දුම්වැටි සහ බීඩි කොළ විශාල තොගයක් සමඟ දේශීය සැකකරුවන් 376 දෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.
03 Jan 2026


