ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා පොලීස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2025 දෙසැම්බර් මස 25 සහ 29 දිනයන්හිදී කොළඹ වරායේ සහ රාගම පේරලන්ද ප්රදේශයේදී සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ සහ සන්තකයේ තබාගෙන සිටි විදේශීය දුම්වැටි දහසය දහසක (16000) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.