නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලොග්‍රෑම් 1740ක තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 10 වැනි දින හලාවතට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හත්සිය හතලිහක (1740) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයට ලද තොරතුරකට අනුව 2025 දෙසැම්බර් මස 10 වැනි දින සන්ධ්‍යා කාලයේදී හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමාතිබූ උර පනස් පහක් (55) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, එම උරතුල තිබී නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය හතලිහක (1740) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායේ රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


