නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 699 ක තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 25 වැනි දින පුත්තලම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය අනූ නවයක (699) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නී ආයතනය මඟින් පුත්තලම, නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම කැබ් රථය තුල තිබී නිතී විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය අනූ නවයක (699) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම කැබ් රථය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.