නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්
අයහපත් කාළගුණික තත්වය හමුවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් 2025 නොවැම්බර් මස 22 වන දින සිට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ, යන ප්‍රදේශයන්හි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) දකුණු නාවික විධානය මගින් අනුයුක්ත කෙරිණි.
ආපදා සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා මෙන්ම අපොස උසස්පෙළ විභාගය සදහා සහභාගී වන සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව දායක වේ.



