නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාවැව නව ගම්මානයෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 නොවැම්බර් මස 21 වැනි දින සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1139 ක් ජනතා අයිතියට පත්කර ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, එමගින් දිනකට ජල ලීටර් 10000 ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව පවතී.