මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 840ක තොගයක් සමඟ කැබ් රථයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 11 වැනි දින කල්පිටිය, කප්පලාඩි සහ රෙඩ්බානා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය හතලිහක (840) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) සහ නිතී විරෝධි ලෙස ගෙන එන ලද සබන් කැට තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Nov 2025
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 50 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 27 සිට නොවැම්බර් 10 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් පනස් දෙනෙකු (50) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13), කුඩා යාත්‍රාවක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Nov 2025


