මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ 742ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 නොවැම්බර් මස 09 සහ 10 දෙදින මීගමුව කලපු ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය හතලිස් දෙකක (742) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

12 Nov 2025