මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 41 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් උතුර මුහුදේදී නාවික හමුදා භාරයට
           ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 30 දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ එකසිය අසූපහයි (185) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Oct 2025
ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි
           හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද උදෑසන (2025 ඔක්තෝබර් 31) රැගෙන විත්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
31 Oct 2025
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ 793ක තොගයක් නාවික හමුදා භාරයට
           ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය එක්ව, 2025 ඔක්තෝබර් මස 28 වැනි දින කල්පිටිය ඉප්පන්තිව් දුපතේ සහ මීගමුව මාඔය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හත්සිය අනූතුනක (793) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Oct 2025


