ශ්රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 27 සහ 29 දෙදින මන්නාරම වන්කාලෛයි ප්රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ එකසිය විසිඑකකට (121) අධික තොගයක් සමඟ, ඩිංගි යාත්රා දෙකක් (02) සහ සැකකරුවන් පස්දෙනෙක්(05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.