මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ 1180 සහ විදේශීය දුම්වැටි 20000ක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 12 වැනි දින රාත්‍රී කාලයේ කල්පිටිය සේරක්කුලිය කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් එක්සිය අසුවක (1180) පමණ තොගයක් සහ විදේශීය දුම්වැටි විසි දහසක් (20000) රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Aug 2025

රුපියල් මිලියන 24කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම, කුඩිඉරිප්පු සහ පේසාලේ අතර වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි හතරකට (24) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දහයයි (110) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Aug 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්පිටිය තිගාලි ප්‍රදේශයේ 2025 අගෝස්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය හැත්තෑනවයකට (379) අධික තොගයක්, විදේශීය දුම්වැටි හයදහසක් (6000), ඖෂධ පෙති දෙලක්‍ෂ අසූඑක්දහස් දෙසීයක් (281200) සහ ඖෂධ එන්නත් එක්දහස් දෙසීය අනූඑකක් (1291) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

13 Aug 2025