මෙහෙයුම් පුවත්

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදා සහයෙන් සාර්ථකව මැඩපවත්වයි

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ, භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා තබා ඇති අංගනයේ තිබූ යාත්‍රාවක (01) ඇති වූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න පැතිරීම වැලක්වීමට දකුණු නාවික විධානයට අයත් ගිණි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට අද (2025 අගෝස්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Aug 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 09 වැනි දින දිවා කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Aug 2025