මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් අනුරාධපුරදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ 2025 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ විසිනවයයි (29) ග්‍රෑම් නවසිය එකක (901) තොගයක් රැගත් මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

07 Aug 2025