මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට ජුලි 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් විසි දෙදෙනෙකු (22) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ පොලීසිය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් දෙසිය දහයක් (210) සමඟ එක් සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

01 Aug 2025

නාවික හමුදා මෙහෙයුමකින් නීති විරෝධීව රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්‍රිතව 2025 ජුලි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය අසුතුනක (583) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

01 Aug 2025