මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ආ භාණ්ඩ තොගයක් සහ සුරතල් සතුන් සමඟ සැකකරුවන් 04 ක් කල්පිටියේදී හා පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ආලංකුඩා මුහුදු ප්‍රදේශයේ සහ පුත්ලම තොඩුවාව ප්‍රදේශයේ අද (2025 අප්‍රේල් 23) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ සහ ප්‍රවාහනය කරමින් තිබූ; කුළු බඩු, රෙදි පිළි, ස්මාට් ජංගම දුරකථන, ඉලෙක්ට්‍රෝනික උපකරණ සහ සුරතල් සතුන් සමඟ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Apr 2025

නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කල කෘෂි රසායන ද්‍රව්‍ය, බිඩී කොළ සහ කුළුබඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 22 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක් තුල තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය බෝතල් එක්දහස් එකසිය පනස් හයක් (1156), කෘෂි රසායන ද්‍රව්‍ය පැකට් හාරදහස් දෙසිය විසි හතරක් (4224), බිඩී කොළ කිලෝ හැට හතයි (67) ග්‍රෑම් අටසියයක් (800) සහ එනසාල් කිලෝ හැත්තෑ පහයි (75) ග්‍රෑම් තුන්සියක් (300) සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Apr 2025

දේශීය කංසා සමඟ සැකකරුවන් 02 ක් ලුණුගම්වෙහෙරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව 2025 අප්‍රේල් මස 20 වැනි දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විකිණීමට සූදානම්කර තිබූ දේශීය කංසා කිලෝ 01යි ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

23 Apr 2025

විදේශීය දුම්වැටි 565ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ත්‍රීකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය වරාය පොලීසිය සහ සර්ධාපුර විශේෂකාර්ය බළකාය හා එක්ව 2025 අප්‍රේල් මස 21 වැනි දින ත්‍රීකුණාමලය නගරයේ සහ කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවිකිරීමට සූදානම් කල විදේශීය දුම්වැටි පන්සිය හැට පහක (565) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

23 Apr 2025