මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 43 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව පාලමීන්මාදු, වංකාලේ, මන්ඩතිව්, ඉරක්කණ්ඩි, උල්ලංකාලි කළපුව, වාලච්චේනිය, ඌරණි කලපුව, ඔළුතුඩායි, කඩෙයිකාඩු, චුන්ඩිකුලම්, මඩකළපුව නාවක්කාඩු කළපුව, වව්නතිව් කළපුව සහ වලෙයිපාඩු වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ මාර්තු මස 25 වැනි දින සිට අප්‍රේල් මස 07 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 43ක් නිතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

11 Apr 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2554ක් සමඟ සැකකරුවන් 05ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව හා එක්ව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව මාවනැල්ල ප්‍රදේශයේදී 2025 අප්‍රේල් මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ සහ ගබඩා කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් පන්සිය පනස් හතරක (2554) පමණ තොගයක් සමඟ ලොරි රථ දෙකක් (02), වෑන් රථයක් (01) සහ සැකකරුවන් පස් දෙනෙක් (05) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

11 Apr 2025

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 1142 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් නොරෝච්චෝලේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය, නොරොච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ එක්දහස් එකසිය හතලිස් දෙකයි (1142) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක් ප්‍රවාහනය කල කැබ් රථයක් සමඟ සැකකරුවෙක් (01) 2025 අප්‍රේල් මස 10 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Apr 2025