මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 121 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 08 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය හතරයි (304) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

08 Apr 2025