මෙහෙයුම් පුවත්

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 අප්‍රේල් මස 05 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහු දින ධීවර යාත්‍රාව දික්ඕවිට වරාය‍ට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා රට තුලට රැගෙන ඒමට උත්සහ කල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 191 ග්‍රෑම් 752 ක පමණ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671 ග්‍රෑම් 452 ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

06 Apr 2025