මෙහෙයුම් පුවත්
නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 03 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල සිලාවතුර, විල්පත්තුව, ත්‍රිකුණාමලය කොඩ්බේ සහ මෝදර කිඹුලා ඇල, කෝවිල පාර යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා ගෑම් විස්සක් (20), මාවා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් එක්දහස් පනහක් (1050) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසි හයයි (26) මිලිග්‍රෑම් තුන්සිය හැත්තැ හයක (376) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 Feb 2025
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොක්කඩි, නන්දිකඩාල්, මුලතිව්, ආනවාසල, සින්නපාඩු සහ කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 13 සිට 19 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් හා හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහ හත් දෙනෙක් (17), ධීවර යාත්‍රා දොලහක් (12), යතුරු පැදියක් (01) සහ නීති විරෝධී ධීවර දැල් එකසිය පනස් හයක (156) තොගයක්, මුහුදු කූඩැල්ලන් එකසීය අසූහතරක් (184) හා හක්බෙල්ලන් විසි දෙකක් (22) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 Feb 2025


