මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ විදේශිය දුම්වැටි තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල මුර සංචාරයකදී, මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් එකසිය විසි නවයක (2,129) පමණ තොගයක් (තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි නවදහස් නවසිය අසූවක (9,980) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Dec 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය ඇලස්වත්ත මුහුදු ප්‍රදේශයෙහි 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Dec 2024
ගැඹුරු මුහුදේදී අනතුරුට පත් ධීවරයෙකු වෙත විජයබාහු නෞකාව තුළදී හදිසි සැත්කමක් සිදුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 259 ක් (කිමි 479 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී මසුන් ඇල්ලීමට භාවිතා කරණු ලබන බිලී කටුවක් ඇමිනීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත රැගෙන, නෞකාව මතදී හදිසි සැත්කමක් සිදුකර එම කටුව ඉවත් කිරීමෙන් පසු, අද (2024 දෙසැම්බර් 22) ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
22 Dec 2024


