මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,648 ක තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය වෙල්ලමුන්දලම සිට කෝලන්කනත්ත දක්වා වු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සහ කෝලන්කනත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හයසිය හතලිස් අටකට (1,648) අධීක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Sep 2024
වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Sep 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 2 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Sep 2024


