මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, සින්නඅරිච්චා‍ලයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 18 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193 ක් (තෙත බර සහිත) සහ තවත් භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 May 2023

රුපියල් මිලියන 2800 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 121 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

රාජ්‍ය බුද්ධි සේවාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413 ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2310 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙක් (06) 2023 මැයි මස 13 වන දින, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද දින (2023 මැයි 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

19 May 2023