මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් බේරුවලදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව බේරුවල, ඩයස්වත්ත ප්‍රදේශයේ 2022 නොවැම්බර් මස 07 වන දින උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් එම ප්‍රදේශයේ ගෙවත්තක වළදමා සූක්‍ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 166 ක පමණ දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 08 යි ග්‍රෑම් 304 ක තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.
08 Nov 2022
රුපියල් මිලියන 6622ත් 13244ත් අතර දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව හම්බන්තොට, මහා රාවණා ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 6622ත් 13244ත් අතර දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 331 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2022 නොවැම්බර් මස 05 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද (2022 නොවැම්බර් 07) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගි විය.
08 Nov 2022


