ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 ජූලි 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 109යි ග්රෑම් 150ක පමණ ප්රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.