මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2221 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ තීරයේ සහ තලේමන්නාරම කුඩුඉරිප්පු වෙරළ තීරයේ 2021 මාර්තු 19 සහ 20 යන දෙදින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමන ලද තෙතබර සහිත වියලි කහ කිලෝග්‍රෑම් 2221 ග්‍රෑම් 600ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Mar 2021