මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 06 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04 ක් 2021 මාර්තු 03 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Mar 2021