මෙහෙයුම් පුවත්

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් වයඹ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 1340 ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජනවාරි 26) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jan 2021