මෙහෙයුම් පුවත්

බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් මස 28 වැනි දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහසකට (2000) අධික තොගයක් රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) හා එම තොගය මෙරටට රැගෙන ඒමට සූදානම්කර තිබූ බවට සැක කෙරෙන, මෙරට ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

01 May 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙණන වියළි කහ කිලෝ ග්‍රෑම් 994 ක තොගයක් සමඟ සැකකරුවෙකු පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව 2026 අප්‍රේල් මස 29 වැනි දින පුත්තලම රත්මල්වත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් නවසිය අනූහතරක (994) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

30 Apr 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩාඉරිප්පු වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය පනහක් (450), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Apr 2026

නාවික හමුදාව අනතුරකට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වු මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය යටතේ නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 26 වැනි දින කටයුතු කරන ලදී.

28 Apr 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 550 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කළපුව ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනහකට (550) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Apr 2026

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 22 වැනි දින කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Apr 2026

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,300කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, බුද්ධි තොරතුරු මත කල්පිටිය කුඩාව ප්‍රදේශය ආශ්‍රිතව 2026 අප්‍රේල් මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියකට (1,300) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

20 Apr 2026

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 41ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් එක් දෙනෙකු (41) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11) සහ ට්‍රැක්ටර් රථ දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

18 Apr 2026

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 161කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා මුහුදු කලාපය ආවරණය කරමින් විශේෂ නාවික මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ තවත් සාර්ථක නාවික මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Apr 2026

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම වන්කාලෛයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කා‍ලෛයි වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් විසි හයකට (26) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Apr 2026