මෙහෙයුම් පුවත්
හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය
හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අයත් කණ්ඩායමක සහය ලබාදීමට 2026 ජනවාරි මස 23 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
26 Jan 2026
දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 ජනවාරි 21) උදෑසන කටයුතු කෙරිණි.
21 Jan 2026
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jan 2026
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් යාපනය වේන්පූරිනගර් වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය වේන්පූරිනගර් වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 20 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය පනස් එකක් (351) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Jan 2026
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි මස 14 සිට 19 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිතුන් දෙනෙකු (23) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ ට්‍රෝලර් යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
21 Jan 2026
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 ක් කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 19 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් එකසිය අටක (1108) පමණ තොගයක්, ඩිංගි යාත්‍රා හතරක් (04) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Jan 2026
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2026 ජනවාරි 19) උදෑසන කටයුතු කෙරිණි.
19 Jan 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
17 Jan 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2026 ජනවාරි 14) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jan 2026
නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 05ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලිගඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහක් (05), 2026 ජනවාරි මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jan 2026


