මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පල්ලෙමුනායි ධීවර නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ සහ ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 සහ 09 යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Dec 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, අද (2024 දෙසැම්බර් 08) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 Dec 2024

රුපියල් මිලියන 50 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 126 ග්‍රෑම් 300 ක තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2024

හක් බෙල්ලන් 881 ක් සමඟ සැකකරුවෙක් ඩෙල්ෆ්ට් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, ඩෙල්ෆ්ට් දූපතේ තලෛයිතුරායි ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් අටසිය අසූ එක් (881) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 555 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මීගමුව කලපු ප්‍රදේශයේ සහ හැඳල මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් පහක (555) පමණ තොගයක් (තෙත බර සහිතව), සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට මෙලෙස කටයුතු කෙ‍රිණි.

07 Dec 2024

රුපියල් මිලියන 18 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 05 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 500 ක තොගයක් ( තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Dec 2024

නාමල් ඔය සහ බොරපොල වැවේ වාන් දොරටු, හදිසි දොරටු සහ සොරොව් අලුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහාය

අම්පාර, ඉගිණියාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාමල් ඔය වැවේ වාන් දොරටු හා හදිසි දොරටු අලුත්වැඩියාව සඳහා සහ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බොරපොල වැවෙහි සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබාදීම 2024 දෙසැම්බර් මස 01 වැනි දින සහ 04 වැනි දින සිදු කෙරිණි.

05 Dec 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 04 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Dec 2024

රුපියල් මිලියන 75 කට අධික දළ විති වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව; අද දින (2024 දෙසැම්බර් 04) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්‍රෑම් තුන්සීය පනහක (350) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Dec 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය නිලාවේලි මුහුදු ප්‍රදේශයේ සහ පුන්නයඩි වෙරළ ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුලදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ විදුලි ආලෝකධාරා භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ ඔරුවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Dec 2024