මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 13 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 අගෝස්තු 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Aug 2022

ගාල්ල ප්‍රදේශයේ ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදාවෙන් පාලම් ආශ්‍රිතව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2022 අගෝස්තු මස 03 වන දින නාවික හමුදාව විසින් සිදුකර ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම අවම කිරීමට කටයුතු කෙරිණි.

04 Aug 2022

රුපියල් මිලියන 10 ක පමණ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Aug 2022

රුපියල් මිලියන 14 ක පමණ වීථි වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු මස 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, තවත් කේරළ ගංජා කිලෝ 49 ග්‍රෑම් 380 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Aug 2022

අනතුරට පත්ව සිටි ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය මුහුදේදී නිරුපද්‍රිතව මුදවා ගැනේ

ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව බේරා ගැනීම‍ට ශ්‍රි ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු 02 වන දින කටයුතු කරන ලදි.

04 Aug 2022

රුපියල් මිලියන 14 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ 2022 අ‍ගෝස්තු මස 02 වන දින සන්ද්‍යා කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Aug 2022

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් සීරුවෙන්

‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද උදෑසන (2022 අගෝස්තු 02) වන විට සූදානමින් තබා ඇත.

02 Aug 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ 2022 ජූලි මස 31 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

01 Aug 2022

මෙරට මුහුදු සීමාව තුළ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (2022 ජූලි 31) කටයුතු කරන ලදි.

31 Jul 2022

නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ, කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජූලි මස 25 වන දින රාත්‍රී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රත්‍රං ග්‍රෑම් 470 ක පමණ ප්‍රමාණයක් සහ වාලම්පූරියක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

26 Jul 2022