මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 සැප්තැම්බර් මස 19 වන දින රාත්‍රියේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) කරෛයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
20 Sep 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 26 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ අද (2022 සැප්තැම්බර් 16) අළුයම සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Sep 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 08 ක් පේසාලේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ 2022 සැප්තැම්බර් 13 වන දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Sep 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 85 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2022 සැප්තැම්බර් 11) අළුයම සිදුකළ මුර සංචාරයක් අතරතුර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 85 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Sep 2022
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2022 සැප්තැම්බර් 06) පස්වරුවේ මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Sep 2022
රුපියල් මිලියන 11 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලාලි කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 05 වන දින රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Sep 2022
අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද (2022 අගෝස්තු 31) පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.
31 Aug 2022
රුපියල් මිලියන 15 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද අළුයම (2022 අගෝස්තු 29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Aug 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන 44 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 44 ක්, 2022 අගෝස්තු 28 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
29 Aug 2022
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 අගෝස්තු මස 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
28 Aug 2022