මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 4.5 කට අධික වෙළඳපොල වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 20 වන දින උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Aug 2022
රුපියල් ලක්‍ෂ නවයකට අධික වටිනාකමින් යුත් පෙට්‍රල් තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු මස 20 වන දින කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Aug 2022
රුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (2022 අගෝස්තු මස 19) උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක්(තෙත බර සහිත ) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Aug 2022
මුහුදේදී අනතුරට පත් මෙරට ධීවර යාත්‍රවක සිටි ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව මුදා ගනී
දෙවුන්දර සිට නාවික සැතපුම් 18.5 ක් පමණ (කිලෝ මීටර් 34 ක් පමණ) දුරින් වු දකුණු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) නිරුපද්‍රිතව මුදවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (2022 අගෝස්තු 19) උදෑසන කටයුතු කරන ලදී.
19 Aug 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 10 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Aug 2022
මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රවක් සමඟ මියගිය ධීවරයෙකුගේ දේහය ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 68 ක් පමණ (කිලෝ මීටර් 125 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව 2022 අගෝස්තු මස 11 වන දින රාත්‍රීයේදී කටයුතු කරන ලදී.
12 Aug 2022
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා අද (2022 අගෝස්තු මස 10) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Aug 2022
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 13 ක් තලෛමන්නාරමේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 අගෝස්තු 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Aug 2022
ගාල්ල ප්‍රදේශයේ ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදාවෙන් පාලම් ආශ්‍රිතව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ගඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2022 අගෝස්තු මස 03 වන දින නාවික හමුදාව විසින් සිදුකර ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම අවම කිරීමට කටයුතු කෙරිණි.
04 Aug 2022
රුපියල් මිලියන 10 ක පමණ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද (2022 අගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Aug 2022