මෙහෙයුම් පුවත්

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ සහ විදේශීය දුම් වැටි තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 02 වැනි දින සිට 09 වැනි දින දක්වා කාල සීමාව තුල නාවික හමුදාව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් හා පොලීසිය හා එක්ව කල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 310 ග්‍රෑම් 44ක තොගයක් සහ විදේශිය දුම්වැටි ‍12,200 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

15 May 2025

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, ‍චැපල් දුපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනි දින සිට 28 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස්අටක් (38) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

14 May 2025

රුපියල් මිලියන 87 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 218 කට අධික තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙසීය දහ අටයි (218) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) 2025 මැයි මස 11 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 May 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 497ක් සමඟ සැකකරුවන් 04ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ 2025 මැයි මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය අනූ හතක (497) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), සහ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

11 May 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 325 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ 2025 මැයි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ තුන්සිය විසිපහයි (325) ග්‍රෑම් හතරක (04) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

09 May 2025

රුපියල් මිලියන 120 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 301 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දුපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) 2025 මැයි මස 07 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 May 2025

නීති විරෝධී ලෙස රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ආනවාසල කලපු ප්‍රදේශයේ 2025 මැයි මස 02 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

06 May 2025

රුපියල් මිලියන 129 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් උතුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි (322) ග්‍රෑම් අටසිය හැටක (860) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Apr 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 643ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, කල්පිටිය සහ මීගමුව මුහුදු ප්‍රදේශයන්හි 2025 අප්‍රේල් මස 26 සහ 27 යන දෙදිනතුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ හයසිය හතලිස් තුනයි (643) ග්‍රෑම් තුන්සිය අසූවක (380) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

28 Apr 2025

නුවරඑලිය ග්‍රෙගරි ජලාශයේ ජෙටි ස්කි(Jetski) යාත්‍රාවක් පෙරලීමෙන් දියේ ගිලීමේ අවදානමේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව මඟින් බේරා ගනියි

නුවරඑලිය ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී (Jetski) යාත්‍රාවක ජල ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම යාත්‍රාව දියෙහි පෙරලී යාමෙන් අනතුරට පත්වූ අතර, නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර සහ සහන සැලසීමේ බළඝණය (4RU) මඟින් බේරා ගැනීමට කටයුතු කෙරිණි.

26 Apr 2025