මෙහෙයුම් පුවත්

දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 30 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුනි 09 සිට ජුනි 20 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් දෙනෙකු (30) සමඟ ඩිංගි යාත්‍රා දහයක් (10) හා තෙප්පම් යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.

29 Jun 2025

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද (2025 ජුනි 29) අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Jun 2025

රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජුනි මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 47 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් දෙසිය නවයක (209) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Jun 2025

තලෛමන්නාරමට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

තලෛමන්නාරමට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් දේශීය ජල තීරයේදී පෙරලීමෙන් ආපදාවට පත්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුනි මස 25 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

27 Jun 2025

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධි විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව, 2025 ජුනි මස 16 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ විදේශිය දුම්වැටි 3200 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

25 Jun 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය හැටපහක (1365) පමණ තොගයක් සහ බීඩි විසි නවදහස් එකසියයක (29100) පමණ තොගයක් ලඳු කැලෑවක් තුල සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

24 Jun 2025

දේශීය ජල තීරය තුල නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 76 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 මැයි 26 සිට ජුනි 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැත්තෑහය දෙනෙකු (76) සමඟ ඩිංගි යාත්‍රා විස්සක් (20) නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Jun 2025

බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයකට ලක්වූ කාන්තාවක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදා සහාය

බත්තලන්ගුංඩුව දූපතේ හදිසි හෘදයාබාධයකට ලක්වූ රෝගියෙකු හට මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත ‍යොමු කිරීමට නාවික හමුදාව 2025 ජුනි මස 08 වැනි දින සහය විය.

11 Jun 2025

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ වෑන් රථයක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, පුත්තලම තිල්ලයාඩි ප්‍රදේශයේ 2025 ජුනි මස 05 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය අසූහයක (386) පමණ තොගයක් සමඟ වෑන් රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.

09 Jun 2025

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1314ක් ඇතුළු භාණ්ඩ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 06 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් තුන්සිය දහහතරක (1314) පමණ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

09 Jun 2025