මෙහෙයුම් පුවත්

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 36 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව මඩකලපුව කොටුවමඩ, ත්‍රීකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි පන්න ක්‍රම සහ උපකරණ භාවිතයෙන්, නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස් හයදෙනෙකු (36) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

21 May 2025

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ, විදේශීය දුම් වැටි සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 10 වැනි දින සිට 19 වැනි දින දක්වා කාල සීමාව තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සහ පොලිස් විශේෂ කර්ය බලකාය හා එක්ව සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 108ක පමණ තොගයක් (තෙත බර සහිතව), විදේශිය දුම්වැටි 2,600ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ සඟවා තිබූ කොකේන් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 732ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

21 May 2025

ආරුගම්බේ වෙරළ තීරයේදී සර්ෆින් ක්‍රීඩාවේ නිරතව අනතුරකට පත්ව සිටි විදේශීය සංචාරකයෙකුට ප්‍රතිකාර ලබා දීම සඳහා නාවික හමුදා සහය

පානම ආරුගම්බේ ප්‍රදේශයේ පීනට් ෆාර්ම් වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට ලක්වු විදේශීය සංචාරක කාන්තාවක් වෙත මූලික ප්‍රථමාධාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පානම රජයේ රෝහල වෙත ‍යොමු කිරීමට නාවික හමුදාව 2025 මැයි මස 15 වැනි දින සහය විය.

19 May 2025

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කල වියළි ඉඟුරු සහ එනසාල් තොගයක් කල්පිටිය මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, රොදාපාඩු කලපු ප්‍රදේශයේ 2025 මැයි මස 17 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 320 ක පමණ තොගයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 May 2025

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ සහ විදේශීය දුම් වැටි තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මැයි මස 02 වැනි දින සිට 09 වැනි දින දක්වා කාල සීමාව තුල නාවික හමුදාව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් හා පොලීසිය හා එක්ව කල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 310 ග්‍රෑම් 44ක තොගයක් සහ විදේශිය දුම්වැටි ‍12,200 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

15 May 2025

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, ‍චැපල් දුපත සහ බැක් බේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනි දින සිට 28 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිස්අටක් (38) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

14 May 2025

රුපියල් මිලියන 87 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 218 කට අධික තොගයක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙසීය දහ අටයි (218) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) 2025 මැයි මස 11 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 May 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 497ක් සමඟ සැකකරුවන් 04ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ 2025 මැයි මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය අනූ හතක (497) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), සහ සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

11 May 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 325 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ 2025 මැයි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ තුන්සිය විසිපහයි (325) ග්‍රෑම් හතරක (04) පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

09 May 2025

රුපියල් මිලියන 120 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 301 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දුපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) 2025 මැයි මස 07 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 May 2025