මෙහෙයුම් පුවත්
නාවික හමුදා සොදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නීතියේ රැහැනට.

තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටින නාවික හමුදාව 2020 ජූලි මස 24 වන දින උතුරු මැද නාවික විධානයේ සහ නැගෙනහිර නාවික විධානයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 09කට අධික ප්‍රමාණයක් ඇතුළු තවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.
25 Jul 2020
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 27 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව, 2020 ජුලි 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධානය තුල ක්‍රියාත්මක කර සෝදිසි මෙහෙයුම් මගින් නීතී විරෝධී ධීවර කටයුතු වල නිතරත වූ පුද්ගයින් 27 සමඟ මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී තහනම් දැල් ඇතුළු ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
24 Jul 2020
දකුණු මුහුදේ ආපදාවට පත් කෙන්යානු යාත්‍රාවකට නාවික හමුදා සහය ලබා දෙයි.

දින ගණනක් පුරා සියළු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය ලබා දෙන ලදි.
24 Jul 2020
කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජූලි 22 වන දින කුඩාවැල්ල ධීවර වරායේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
23 Jul 2020
සැකකටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි මස 22 වන දින රාත්‍රී කාලයේ නගර්කෝවිල් මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකින් සැක කටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
23 Jul 2020
දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 22වන දින වික්ටෝරියා ජලාශයේ අඹකොටේ පන්සල පාර ප්‍රදේශයේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට සමත් විය.
23 Jul 2020
පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 20 වන දින කිලිනොච්චිය, පාලවිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
21 Jul 2020
නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ අන්තරායකාර ඖෂධ සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 18 සහ 19 යන දිනයන්හි ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලද මෙහෙයුම් දෙකකදී වේදනා නාශක ඖෂධ සමඟ පුද්ගලයෙක් (01) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
20 Jul 2020
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙක් (01) සහ නීති විරෝධී දැල් 04ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, අලියා තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙක් (01) සහ මඩකලපුව කළපු ප්‍රදේශයේ එලා තීබූ නීති විරෝධී දැල් කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
19 Jul 2020
කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) 2020 ජුලි 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
19 Jul 2020