මෙහෙයුම් පුවත්
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 27) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
27 Nov 2024
ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) මාවඩිඔඩයි, මයිලවඩ්ඩුවන් සහ මන්මුනේ පාලම ප්‍රදේශයන් වෙත යෙදවීමට කටයු කෙරුණි. එහිදි එක් කණ්ඩායමක් විසින් අද දින (2024 නොවැම්බර් 27) චෙන්කලඩි, මාවඩිඔඩයි ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් (03) යුත් පවුලක් බේරා ගැනීමට කටයුතු කෙරිණි.
27 Nov 2024
ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ දායකත්වය

අක්‍රීය තත්වයේ පැවති ගල්ගමුව දකුණ, මහවැව සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි.
26 Nov 2024
ධීවර දැලක පැටළුනු කැස්බෑවන් (07) ක් නාවික හමුදාව විසින් නිරූපද්‍රිතව සාගරයට මුදාහරියි

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර දැලක පැටලී සිටි කැස්බෑවන් හත් දෙනෙකු (07 ) ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාව මඟින් නිරික්‍ෂණය කර, එම කැස්බෑවන් ධීවර දැලෙන් මුදා ගැනීමෙන් අනතුරුව නිරුපද්‍රිතව සාගරයට මුදා හැරීමට 2024 නොවැම්බර් මස 26 වන දින කටයුතු කෙරිණි.
26 Nov 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 26) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
26 Nov 2024
අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2024 නොවැම්බර් මස 24 වන දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.
25 Nov 2024
නාවික හමුදාවේ සහයෙන් අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 23 වන දින, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
24 Nov 2024
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 78 ක් (කිමි 144 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අද (2024 නොවැම්බර් 20) නාවික හමුදාව මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
20 Nov 2024
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 18 වන දින මන්නාරම අලුත් පාලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ හතරයි (04) ග්‍රෑම් දෙසිය හතලිස් අටක (248) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
19 Nov 2024
රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, උර දෙකක් තුල (02) පාර්සල් හතලිහක (40) අසුරා තිබූ, රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
18 Nov 2024