මෙහෙයුම් පුවත්
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් 18ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 දෙසැම්බර් මස 02 වන දින යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ අටදෙනෙකු (18), එම ධීවර යාත්‍රාව ඉන්දීය ශ්‍රී ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකොට නාවික සැතපුම් 30 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ සිටියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Dec 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 3380 ට අධික දළ විථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව (01) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙක් බහුදින යාත්‍රාව (01) සහ සැකකරුවන් පිරිස අද (2024 දෙසැම්බර් 02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය කිරීම කොළඹ වරායේදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවෙ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් ද සහභාගී විය.
02 Dec 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 733 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය තිස්තුනක (733) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Dec 2024
අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් තුල නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ගංවතුර ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගන්වතුර ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 දෙසැම්බර් 01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
01 Dec 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ නැගෙනහිර පළාතේ වාකරේ සහ වෙරුගල් ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 30) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
30 Nov 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් දහයක් (10) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 30) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
30 Nov 2024
නාවික හමුදාව මඟින් මාතර, පොල්අතුමෝදර ගඟ හරහා ඉදි කර ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

මාතර, වැලිගම ප්‍රදේශයේ පොල්අතුමෝදර ගඟ හරහා ඇති කඩේවත්ත පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් අද දින (2024 නොවැම්බර් 29) ක්‍රියාත්මක කෙරිණි.
29 Nov 2024
ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් දහසයක් (16) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 29) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
29 Nov 2024
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් මෙරට බහුදින යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් 2024 නොවැම්බර් මස 24 සහ 25 යන දිනයන්හීදී ඉන්දීය නාවික හමුදාව මඟින්, ඉන්දීය මුහුදු සීමාවේදි අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
29 Nov 2024
මඩකලපුව පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ සිට වැඩිදුර ප්‍රථිකාර සඳහා කලවංචිකුඩි මූලික රෝහල වෙත රැගෙනයාමට නොහැකිව සිටි අසාධ්‍ය රෝගියෙකු රැගෙන යාමට නාවික හමුදා සහය

විෂකුරු සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් මඩකළපුව, පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් අසාධ්‍යව සිටි රෝගියෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා, කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන යාමට ප්‍රදේශයේ පැවති ගංවතුර තත්වය හමුවේ නොහැකිව සිටියදී අධික වර්ෂාපතනය හමුවේ පැවති දුෂ්කර කාලගුණික තත්වය නොතකා රෝගීයාගේ දිවි බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක සහය ලබා දීමට අද දින (2024 නොවැම්බර් 28) කටයුතු කෙරිණි.
28 Nov 2024