නීති විරෝධී ධීවරපන්න ක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 16 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 01 සිට 10 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ ඔරුවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රීකුණාමලය සෝබර් දූපත, පොඩුවකට්ටු, පරවි දූපත සහ යාපනය වෙත්තලකේණි යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර සහ උතුරු නාවික විධාන මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධීව ධීවර කටයුතු සිදුකල සැකකරුවන් දහසය දෙනෙක් (16) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ ඔරුවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කොඩ්බේ සහ යාපනය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.