නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1590කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, පුත්තලම සහ මොහොත්තුවාරම් කලපු හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 අගෝස්තු 01 සිට 10 දින දක්වා කාලය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සිය අනූවකට (1590) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මීගමුව කලපුව, පුත්තලම කලපුව සහ කල්පිටිය මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව, බටහිර හා වයඹ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් පන්සිය අනූවකට (1590) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු, බීඩි කොල තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙතත්, පුත්තලම කලපුවේදී සහ මොහොත්තුවාරම් මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.