නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 ජුලි මස 05 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල මහනුවර කඩුගන්නාව, අලදෙණිය, දවුලගල, ගම්පහ කටුනායක, ත්‍රීකුණාමලය නිලාවේලි සහ මන්නාරම නඩුකුඩා යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයයි (10) මිලිග්‍රෑම් හතලිහක් (40), විදේශිය දුම්වැටි එකොලොස් දහස් අටසිය හැටක් (11860), ඖෂධ පෙති දෙසීය හැට හතරක් (264) සහ විදේශීය මත්පැන් බෝතල් තිස් තුනක් (33), කුස් මත්ද්‍රව්‍ය කිලෝ පහයි (05) ග්‍රෑම් හයසියයක් (600), කේරළ කංසා ග්‍රෑම් එකසිය හතරක් (104) සමඟ සැකකරුවන් දස දෙනෙකු (10) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනය, කඩුගන්නාව පොලීසිය හා එක්ව කඩුගන්නාව ප්‍රදේශය තුල සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයයි (10) මිලිග්‍රෑම් හතලිහක (40) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක්ද (04), අඹකොටේ පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව අලදෙණිය ප්‍රදේශයේ සිදුකල විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අළෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි දෙදහස් හාරසියයක් (2400) සමඟ එක් සැකකරුවෙක් (01) සහ මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය හා එක්ව දවුලගල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය දුම්වැටි හයදහස් තුන්සියයක් (6300) සමඟ සැකකරුවෙකු (01) සහ මෝටර් රථයක්ද නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මිනුවන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව කටුනායක ගුවන් තොටුපොල ආසන්නයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විදේශිය දුම්වැටි තුන්දහස් එකසිය හැටක් (3160), ඖෂධ පෙති දෙසීය හැට හතරක් (264), විදේශීය මත්පැන් බෝතල් තිස් තුනක් (33) සහ එනසාල් කිලෝ ග්‍රෑම් හතලිස් එකක් (41) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම නඩුකුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, පාර්සල් දහඅටක (18) අසුරා තිබු කුස් මත්ද්‍රව්‍ය කිලෝ පහයි (05) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය, සර්ධාපුර පොලීස් විශේෂ කාර්ය බළකාය හා එක්ව ත්‍රීකුණාමලය නිලාවේලි කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කේරළ කංසා ග්‍රෑම් එකසිය හතරක් (104) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 62ත් අතර වන කඩුගන්නාව, පිලිමතලාව, ගොතටුව, කොළඹ, හාරිස්පත්තුව, මහනුවර සහ කුඹුරුපිඩ්ඩි යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
මෙම මෙහෙයුම් මඟින් කඩුගන්නාවේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සිව්දෙනා කඩුගන්නාව පොලිසිය වෙතත්, විදේශීය දුම්වැටි සමඟ අලදෙණිය සහ දවුලගල ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා සහ මෝටර් රථය අලදෙණිය හා දවුලගල පොලිස් ස්ථාන වෙතත්, කටුනායක ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් තිදෙනා සමඟ මත්‍ද්‍රව්‍ය හා එනසාල් තොගය කටුනායක පොලීසිය වෙතත්, මන්නාරම නඩුකුඩා ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගත් කුස් මත්ද්‍රව්‍ය තොගය පේසාලෙයි පොලිස් ස්ථානය වෙතත්, නිලාවේලි කුඹුරුපිඩ්ඩි ප්‍රදේයේදී අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ කංසා ප්‍රමාණය සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙතත්, ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.