නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 2828 ක තොගයක් සමඟ සැකකරුවෙකු නොරොච්චෝලේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව නොරොච්චෝලේ සංජීතවත්ත ප්‍රදේශයේ 2025 ජුලි මස 19 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බවට සැකකෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් දෙදහස් අටසිය විසි අටක (2828) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් නොරොච්චෝලේ නාවික අනුඛණ්ඩය විසින් නොරොච්චෝලේ පොලීසිය හා එක්ව නොරොච්චෝලේ, සංජීතවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම නිවසේ සගවා තිබූ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන උර හැත්තෑවක (70) අසුරන ලද වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 2828 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.