අනුමත සීමාව ඉක්මවා නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටිය කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කල්ලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජුලි මස 05 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් බලපත්‍රයේ සඳහන් සීමාව ඉක්මවා (කිලෝ ග්‍රෑම් 250) නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් හයසිය හැත්තෑතුනක (673) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, 2025 ජුලි මස 05 වැනි දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, කල්ලඩි මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත්‍රයේ සඳහන් කිලෝ ග්‍රෑම් 250ක සීමාව ඉක්මවා නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් තිබූ එම ඩිංගි යාත්‍රාව (01) සහ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් හයසිය හැත්තෑතුනක (673) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 37 ක් සහ 49 ත් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා (02), මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.